ඔබේ මාවතේobee maawathee

Obe Mawathe

ගී පද

ඔබේ මාවතේදැන් මා ඉන්නේ
ඔබ එයි කියා මා සිතමින්නේ
මා තනිවමයි දැන් මේ මොහොතේ
ඔබ එනතුරු මඟ බලමින් ඉන්නේ
ඇවිත් කියන්නකෝ ආයේමත් 
ආදරෙයි කියා රහසින්වත්

ඇය හා අත ගෙන ගෙවූ නිමේෂය
මා සිත හඬවනවා
එනමුත් සිහිනයකින් ඔබ ආවෝතින්
මගෙ සිත සැනසෙනවා
මා තනිකර ඔබ ගිය මාවතහී
දැන් මා නැවතෙනවා
මගෙ ආදරේ කඳුලැලි දැන් බොඳවී
දෑසෙහි තනිවෙනවා

ඔබේ මාවතේ ....

සුන්දර සිහිනය බොඳවූදා
මා අද තනිවෙනවා
තනි යහනේ මා නින්දය යනවිට
ඇය ගැන සිහිවෙනවා
ආදරයේ ගීතය ගයනා විට 
ම‍ෙග සිත රිදවනවා
මට දිවුරා
සිත මගෙ හැරයනවා

ඔබේ මාවතේ ....