ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම්obee mal gomuwen mama pitawa yannam

Obe Mal Gomuwen Mama Pitawa Yannam

ගී පද

ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම්
තනි මලක් වී තනි ගසක යලි පිපෙන්නම්
දෙවැනි වරටත් මල් පිපෙන බව
ඔබට පහදන්නම් ලොවට පහදන්නම්

මල් ඔබෙන් ලද සියළු දඬුවම් ලොවක් දන්නේ නෑ
මල් ගොමුව මත මල් පිපෙන තුරු ඔබට ඉවසුම් නෑ
මල් හඬන්නේ නෑ ඔබත් දඬුවම් ලබන තුරු
මල් හඬන්නේ නම් නෑ මල් හඬන්නේ නෑ

නිල් ගඟුල දුල් සොබා සිරිසර එතෙක් දුටුවේ නෑ
ඇල් පවන් දයා කරුණා ඉතින් අඉුවක් නෑ
මල් තැවෙන්නේ නෑ ඔබත් රිදවුම් ලබන තුරු 
මල් තැවෙන්නේ නම් නෑ මල් තැවෙන්නේ නෑ

ඔබේ මල් ගොමුවෙන් ....