ඔබේ ලොවේ අද මා රැදිලාobee lowee adha maa raedhilaa

Obe Lowe Ada Ma Randila

ගී පද

ඔබේ ලොවේ අද මා රැදිලා
බලා ඉමි සැනසුම පතලා
සෙනේහයේ සිහිලැල් සොයලා //
ඔබේ ලොවේ අද මා රැදිලා

සැබෑ සෙනේ සිතින් දරා ලඟින් හිදින්නේ මා
ඔහුගේ ලොවේ ඔබ රැඳිලා මුලා නොවනු කිසිදා 
අයාලයේ නොයන්නෙ මා ඔහු මෙන් ඔබ රිදවා
ඔබගෙ සෙනේ මා සනසා කියා දෙන්න මතුදා

ඔබේ ලොවේ .....

දිවා රැයේ පෙරුම් පුරා පැතුම් පතන්නේ මා
පෙම් සිහිනේ මල් පුබුදා ඔබේ ලඟට එනදා
මගේ හදේ නැවුම් අමා හැඟුම් කියන්නේ මා
රන් රස සේ අත් බැඳිලා වෙනස් නොවී කිසිදා

ඔබේ ලොවේ ....