ඔබේ ජීවිතේobee jiiwithee

Obe Jeewithe

ගී පද

ඔබේ ජීවිතේ ඇයි පාලුවෙන් සැම දා ගෙවී යන්නේ 
නැතිදෝ සිතේ ඔබේ ඉන් මිදී සෙනෙහෙ සොයා යන්නේ 
ගිය දේ ගියා කියා සිතේ අතීතයේ කතා

කව්දෝ එදා ඔබ රිදවා සිතුම් ගියේ 
හද වේදනා ඔබේ පැතුම් බිඳී ගියේ 
එනිසා නොවන් ළඳේ ඔහු පෑරුව හදේ 
වරදක් නොවූ නිසා ඔබෙන් සුවයක් සිතේ තියේ 

ඔබේ ජීවිතේ...

යහනේ දෙනෙත් පියා සිටින සිතුම් අයා 
සොයනා සෙනේ ඔබේ ජිවිතේ කවදා ලැබෙයි කියා 
සමා වූ සිතුම් ඔබේ සිතන සිතුම් ලොවේ 
හමු වේ යොවුන් ප්‍රියේ ඔබේ එය දෛවයයි ලොවේ 

ඔබේ ජීවිතේ...