ඔබේ දෙතොල්obee dhethol

Obe Dethol

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විළේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මඳ පවන් රැල් වැදී සැළෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුනු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස් තල පොළෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟම දැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ