ඔබේ බොළඳ ආදර කවිobee bolanda aadhara kawi

Obe Bolanda Adara Kavi

සංගීතය:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
පද රචනය:
තරංග මධුවන්තtharanga madhhuwantha

ගී පද

ඔබේ බොළඳ ආදර කවි අහගෙන
ආසයි ආයෙත් බොළඳම වෙන්නට
ආවෙත් ඒකයි අවසන් වරටම
මියැදෙන්නට පෙර ඔබේ ළඟට මම.....
ඔබේ ළඟට මම......

කැදැල්ල අතහැර රහසේම ආවත්
අහිතක් නොසිතමි ඔබ ගැන බිඳකුත්
දෙතැනක සිටියත් ඔබ මා අද දින
කෙලෙස සිඳින්නද සොඳුරු අතීතය.....

එදා වගේමයි ඔබේ සුමුදු බව
අදත් එලෙසමයි එලෙසම දැනුනෙමි
විඳගමි මොහොතක් විඳවා ගනිමින්
ආයෙත් ඔබගෙන් ලැබුණු අතීතය.....

ඔබේ බොළඳ ආදර කවි......