ඔබේ අතින් මල් මහලා කුරුලු ජෝඩුවක්obee athin mal mahalaa kurulu jooduwak

Obe Athin Mal Mahala

ගී පද

ඔබේ අතින් මල් මහලා 
කුරුලු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක් //

අපේ මතක අමතක කර
හිත තියා බරක්
කොහොමද ඔබ ඉගිල ගියේ
නොපෙනෙන ඈතක්//

මගේ සුසුම් උහුලාගෙන 
ගෙවෙන හැම රැයක්
කොට්ට උරය තාමත් මට
ලෙන්ගතුයි හුගක්