ඔබේ අත දිගු කරලාobee atha dhigu karalaa

Obe Atha Digu Karala

සංගීතය:
ඇන්ටන් චාල්ස් තෝමස්aentan chaals thoomas
පද රචනය:
පෝල් පෙරේරා Fr.pool pereeraa fr.

ගී පද

ඔබේ අත දිගු කරලා - මගේ අත් මත තියලා
ජේසුනී මගේ දෑත - ඔබේ සේවෙට ගන්න

ඔබේ අත දිගු කරලා - මගේ පා මත තියලා
ජේසුනි මගේ දෙපා - ඔබේ සේවෙට ගන්න

ඔබේ අත දිගු කරලා - මගේ නෙත් මත තියලා
ජේසුනී මගේ දෙනෙත - ඔබේ සේවෙට ගන්න

ඔබේ අත දිගු කරලා - මගේ දෙතොලට තියලා
ජේසුනී මගේ වචන - ඔබේ සේවෙට ගන්න

ඔබේ අත දිගු කරලා - මගේ හිස මත තියලා
ජේසුනී මගේ මුවන - ඔබේ සේවෙට ගන්න

(ඔබේ අත දිගු කරලා - මගේ පපුවට තියලා
ජේසුනී මගේ හුස්ම - ඔබේ සේවෙට ගන්න...//)

ජේසුනී මගේ දෙනෙත - ජේසුනී මගේ වචන
ජේසුනී මගේ හුස්ම - ඔබේ සේවෙට ගන්න