ඔබේ ආදරේobee aadharee

Obe Adare

සංගීතය:
සංජුල හිමාලsanjula himaala
පද රචනය:
අමිල් මඬවලamil mandawala

ගී පද

සඳ දුන්නු ආදරේ කවියක් වගේ මා හදේ
ඉහිරිලා ඔහේ දිවි පුරා හැඩකළා ජීවිතේ
මා හදේ සැතපී ආලේ සඟවයි කුළුඳුල් ජීවේ
ඔබේ ආදරේ සයුරක් වගේ මා හා බැඳී හිමි වූ දිනේ
මුළු ජීවිතේ කවියක් වගේ ලියැවී ඇතේ අපේ ආදරේ
සංසාරයේ පාවී සුව දේ ආලේ මහදේ මානේ නැවතී සෙනෙහේ...

හද මංසලේ රැඳුනේ ඔය රුව මගේ
ඔබේ සුවඳමයි දැනුනේ මගේ ජීවිතේ
ඔය හදවතයි මහදේ පෙම් ගී ලීවේ
කෙලෙසින් කියම්ද ආලේ පෙම් සඳ මගේ
ඔබේ ආදරේ සයුරක් වගේ මා හා බැඳී හිමි වූ දිනේ
මුළු ජීවිතේ කවියක් වගේ ලියැවී ඇතේ අපේ ආදරේ
සංසාරයේ පාවී සුව දේ ආලේ මහදේ මානේ නැවතී සෙනෙහේ...

මල් දම් ගොතා රහසේ එක් වූ දිනේ 
ආඩම්බරයි තාමත් ඇස් දෙක වගේ
පෙම් සුවඳ තාමත් මහදේ මතකේ තියේ
කොහේදෝ රැඳෙන්නේ ඔබ නම් සැඟවී හදේ
ඔබමයි පැතුවේ සුවඳයි රැඳුනේ
මහදයි හැඬුවේ ඔබමයි බැඳුනේ...

සඳ දුන්නු ආදරේ...