ඔබ ආදරේoba aadharee

Obe Adare

ගී පද

ඔබ ආදරේ මා කෙරේ නම්
ඇයි වේදනාවන් මේ තරම්
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා

වෙනදාට මේ වාගේ හඳ පෑයු රෑ යාමේ
ඔබ මාගෙ සුරතේ වෙලී
සුදු පාට දිය රැල්ල නැග එද්දි හසරැල්ල
පාලා මගේ ගත වෙලී
හැමදාම මට කීව ඒ පෙම් කතාවන්
ගොළු වී ගියා සේ දැනේ
මහදේ සුසුම් යා වුණී

ඔබ ආදරේ මා කෙරේ නම්..

සිතුවාද වෙන් වෙන්න වෙනතක් අරන් යන්න
කම් නෑ ඔබේ සතුට නම්
මනමාලියක් වීල යන දාට හිනැහීල 
සොයුරෙක් ලෙසින් මා සිතන්
දැකගන්න ඉඩදෙන්න මාගේ නෙතින්
ඔය මූණ සැරයක් ඉතින්
සුපතන්න හෝ මා සිතින්

ඔබ ආදරේ මා කෙරේ නම්..