ඔබවයි තවමත් ඕනාobawayi thawamath oonaa

Obawayi Thawamath Ona

සංගීතය:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
පද රචනය:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

ගී පද

ඔබවයි තවමත් ඕනා මහදේ ඉන්නේ හැමදා
ජීවිතේම ඔබ මගේ වුණා තරහක් නෑනේ කිසිදා
හැරදා යන්නට ගියදා ආදරේට ආදරේ කළා
හොයනවා හිත තවත් ආදරේ උණුහුමත්
මට ඔබ තාම මගේ පණ සමයි
ඔබවයි තවමත් ඕනා මහදේ ඉන්නේ හැමදා
ජීවිතේම ඔබ මගේ වුණා......

කවිකාර හිත තාම කවිවැල් ගොතා
ඔබේ නමට තව ලියනවා 
හුස්මක් තරම් ඔබ දැනෙනවා
හිත ගන්න වෙන කව්රුවත් නැති තරම්
මට මාගේ මුළු ලොවම ඔබ වුණු තරම්
ඔබවයි තවමත් ඕනා මහදේ ඉන්නේ හැමදා
ජීවිතේම ඔබ මගේ වුණා.......

ඔබ නොදැක උන්නාම කල්පය දිගයි
හිත තනිව දුක දන්නවා
ඉස්සර සෙනේ යළි දැනෙනවා
හිත ගන්න වෙන කව්රුවත් නැති තරම්
මට මාගේ මුළු ලොවම ඔබ වුණු තරම්
ඔබවයි තවමත් ඕනා මහදේ ඉන්නේ හැමදා
ජීවිතේම ඔබ මගේ වුණා.......

ඔබවයි තවමත්......