ඔබව මට හිමි නෑ කියලාobawa mata himi nae kiyalaa

Obawa Mata Himi Na Kiyala

සංගීතය:
චමත් සංගීත්chamath sangiith
පද රචනය:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

ගී පද

ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා..
හිතම ඔබ ලඟ නැවතීලා.. දුරින් හිටියට තනිවෙලා..
කඳුලේ මා තනිවෙලා.. හැඬුවේ ඔබ නිසා..
කඳුලේ මා තනිවුනා.. හැඬුවේ ඔබ නිසා..

ඔබව නොදැක.. හිඳින විටදි.. දෑස මා හඬවනා..
තුරුලෙ ඔබේ.. ඉන්න නැතිව .. හිතම තැවෙනවා..
රෑ සීතලේ තනිවී.. මා දෑසේ ඔබ වෙලෙනා..
කවදාද ඉන්නෙ ඔයා.. මට ලංවෙලා..

ඔබව මට හිමි නෑ කියලා.../

සිහින අතරේ.. සුවඳ ඔබේ.. ලඟම දැනෙනවා..
දුරක ඉඳන්.. දෑස් ඔබේ.. මදෙස බලනවා..
නෑ තාම මට හිමි වී.. ඔය දෑස අන්සතු වී..
කවදාද ඉන්නෙ ඔයා.. මට ලංවෙලා...

ඔබව මට හිමි නෑ කියලා.../