ඔබට තිබෙන ආදරේobata thibena aadharee

Obata Thiyena Adare

සංගීතය:
පී. එල්. ඒ. සෝමපාලpii. el. ee. soomapaala
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම (1972)

ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල්කොල මදි ලියාලා දෙන්න
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිලා එන්න

ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවේ නෑ
ගිය ගමනක් මෙච්චර කල් ඉන්න හිතුවේ නෑ
මේ ලස්සන සුරපුරයකි මට ලස්සන නෑ
ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ
අහස උසට මාලිගා ඇත ඉන් අඩුවක් නෑ
ගයන වයන රඟන ලඳුන් නොදැක හිටියේ නෑ
ගම්බද වගේ කරත්ත නෑ වාහන අඩු නෑ
ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ

ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල්කොල මදි ලියාලා දෙන්න....

හඳ දවසට අහස දිහා මම බලන්නේ නෑ
බලන්න බැරි වේදනාව ඔබ නොදන්නේ නෑ
ඒ මුහුණෙයි ඔබේ මුහුණෙයි වැඩි වෙන්සක් නෑ
ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ
මගේ ගතින් මෙහි හිටියට හිතනම් මෙහි නෑ
මම එන්කොට ආපසු එය ඔබ මට දුන්නෑ
සිරියාවිය දැකගන්නට එන දින දුර නෑ
ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ

ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල්කොල මදි ලියාලා දෙන්න
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිලා එන්න...