ඔබට නොහැක මගෙ සෙවනට එන්නටobata nohaeka mage sewanata ennata

Obata Nohaka Mage

ගී පද

ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට 
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත 

අතැඟිලි නොබැදෙන සිත බැඳි සෙනෙහස 
සසර පුරා ලඟ ඉන්න ඇතී
මේ අත් බවයෙත් ඒ වාගෙම අපි 
හමුවී වෙන්වී යන්න ඇතී 

හමුවී වෙන්වෙමූ සසර පුරුද්දට 
එකම ස⁣ඳේ සඳ එළිය දකිනකොට 
ඉසුරුමුණිය පෙම් යුවළ නොවෙයි අප 
හිනහෙමු කඳුලැලි සඟවා හිත යට