ඔබට මතක නැතිobata mathaka naethi

Obata Mathaka Nathi

සංගීතය:
හෂාන් තිළිණhashaan thilina
පද රචනය:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

ගී පද

(ඔබට මතක නැති මතක මැවී
රිඳුනා මේ දෑස ආයේ කඳුළු පිරී...//)
මගෙම කියපු හිත වෙනතක වී
යනවාදෝ හීන මාගේ දුකකට දී
මගේ හුස්ම කීව කාලේ පෑ සෙනෙහේ 
මේ හද ගැස්ම මගෙ පපුවේ රැඳුනේ
ඔබට මතක නැති මතක මැවී
(රිඳුනා මේ දෑස ආයේ කඳුළු පිරී...//)

(පැරී පැරී රෑ පුරා මේ හිත ඉකිබිඳිනා
ඔබම පැතුව පෙම වරදක් වීලා...//)
අමතක කෙරුවට මා මෙලෙසේ
ඔබ ගැන අහිතක් නෑ හිතුවේ
මගේ හුස්ම කීව කාලේ පෑ සෙනෙහේ 
මේ හද ගැස්ම මගෙ පපුවේ රැඳුනේ

ඔබට මතක නැති මතක මැවී
(රිඳුනා මේ දෑස ආයේ කඳුළු පිරී...//)

(ලංවී ලංවී උන්නු කාලේ පණ මගෙ කියලා
ඔබම පිදුව පෙම දඬුවම් දීලා...//)
යලි හමුනොවුනත් මා එලෙසේ
ඔබ හැර සතුටක් නෑ තිබුනේ
මගේ හුස්ම කීව කාලේ පෑ සෙනෙහෙ
මේ හද ගැස්ම මගෙ පපුවේ රැඳුනේ

ඔබට මතක නැති මතක මැවී
(රිඳුනා මේ දෑස ආයේ කඳුළු පිරී...//)