ගී පද
ඔබට මතක නෑ මට අමතක නෑ
අපේ බාල විය ඒ
පිවිතුරු හැඟුමන් ඔබ මා ලංකල
සමනල සමය අපේ //
එකම පාසලේ එකම පන්තියේ
හොඳම සිසුන් විලසින්
දස්කම් පෑ හැටි මතකද පෙරදා
අප ගුරු සිත් දිනමින්
ඔබට .....
එකම මවගෙ දරුවන් වාගේ
බැඳුණු සමය ගෙවමින්
වැඩිහිටි වූ දා ලොව ඇයි බෙදුනේ
ඔබ මා වෙන් කරමින්
ඔබට .....