ඔබට මා මෙන්obata maa men

Obata Ma Men

සංගීතය:
උදාර සමරවීරudhaara samarawiira
පද රචනය:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

ගී පද

ඔබට මා මෙන් පෙම් කලා වූ 
මටද ඔබ මෙන් ලං වුනාවූ 
පෙම් කතාවක් තවත් නෑ ලොවේ 
නිමි කියා යන්න ඇයි සිදු වුනේ 
මාව ඉවසා දරා ගන්න ලය මත හොවා 
සසර වසනා තුරා එන්න එනවා කියා 
ඔබ කෝ කෙහේදෝ ගියේ 

ඔබට මා මෙන් පෙම් කලා වූ 
මටද ඔබ මෙන් ලං වුනාවූ 
පෙම් කතාවක් තවත් නෑ ලොවේ 
නිමි කියා යන්න ඇයි සිදු වුනේ    

දෑසින් කියා පෑ රහසක් නිසාවෙන් 
දුර දිග ගියා සබඳකම් 
සිහිනෙක සිතේ ගෑ සුවඳක විදානින් 
අවනත වුනා ඔබට මං 
හුස්ම වැටෙනා තුරා ඉන්න එනවා කියා 
කීව ඔබ කෝ කොහේදෝ ගියේ 

මාව ඉවසා දරා ගන්න ලය මත හොවා 
සසර වසනා තුරා එන්න එනවා කියා 
ඔබ කෝ කෙහේදෝ ගියේ 

මොහොතක් දුරස් වී සිටියොත් ඔබෙන් මා 
කල්පෙක තරම් කල් දැනේ 
දවසක වෙනස් වී ගියදාක වෙන්වී 
යලි එන බවයි දිවුරමි 
මාව පණ සේ බලා ගන්න එනවා කියා 
කීව ඔබ කෝ කොහේදෝ ගියේ 

ඔබට මා මෙන් පෙම් කලා වූ 
මටද ඔබ මෙන් ලං වුනාවූ 
පෙම් කතාවක් තවත් නෑ ලොවේ 
නිමි කියා යන්න ඇයි සිදු වුනේ 
මාව ඉවසා දරා ගන්න ලය මත හොවා 
සසර වසනා තුරා එන්න එනවා කියා 
ඔබ කෝ කෙහේදෝ ගියේ