ගී පද
ඔබට ලියන මේ අවසන් ලිපියේ
අකුරු අතර හිරවී
රිදෙන තැවෙන සිත සුසුමින් මුදවා
මොහොතක් නිහඬ වෙමු
නිමා කරන්නට ඇසුර අපේ
දොනෝදහක් මැද නොසිතු වෙලාවක
ඇයි අප මුණගැසුනේ
අපේ පෙමක් නොව හිතට මුලා වුන
කඳුළක්දෝ තිබුනේ මම නම් නෑ දන්නේ
ඔබට ලියන මේ ....
දෙමව්පියන් පැතු සිහින සැබෑ කර
මම ඇගේ අත ගත්තේ
ඔබේ සිතින් මා ඇයි ද මකාලන
සිතක් නැතිව ඉන්නේ මම නම් නෑ දන්නේ
ඔබට ලියන මේ ......