ඔබට ළං වීobata lan wii

Obata Lanvee

සංගීතය:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
පද රචනය:
සමන් එදිරිමුණිsaman edhirimuni

ගී පද

ඔබට ළං වී ළඟින් ඉන්නට හීන දැක්කට මං
හිතින් වෙන්වී දුරක යන්නට කාරණා ඇත දැන්...

මටම වෙන් කළ හදවතේ ඉඩ
තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද 
මේවා බල බල ඉන්නෙ කොහොමද මං...

ආදරේ මල් පියලි අතුරා හදවතේ මළුවේ
මගේ මේ හිත ඇවිලිලා යන බැල්මකින් බැලුවේ
කාත් කවුරුත් නෑ මගේ මං හංගගෙන පපුවේ
ඇයි ඉතිං මගෙ හිතට දුක්දෙන
සුසුම් වැල් හෙලුවේ...

මටම වෙන් කළ හදවතේ...

කවමදාවත් නෙතට කඳුලක් දුන්නේ නැති හිතක
ඔහේ වැටිලා මමත් උන්නා එපමණයී මතක
යන්න යන්නම් දරාගෙන දුක තාරකා නෙතක
කඳුලු වැටුනට හිතන්නෑ මං අඬන්නෑ මැණික...

මටම වෙන් කළ හදවතේ...