ඔබට ආදරේ කරපු තරම්obata aadharee karapu tharam

Obata Adare Karapu Tharam

ගී පද

ඔබට ආදරේ කරපු තරම්
ඔබ දන්නේ නෑ තවමත්
ඔබ වෙනුවෙන් මං හඬපු තරම් 
ඔබ දන්නේ නෑ තවත්
ආදරේ හින්දමයි ඔබ මගේ වෙන්නමයි
ජීවිත කාලෙම මං පැතුවේ

සමණළ පෙරහැර සිරිපා වඳින්න ඉගිලෙන රළ අතරේ
සමණළියක්‌ ලෙස ඔබ දුටුවා මම සීතල හිමිදිරියේ
ආල හිතක්‌ මට පහල කලා ඔබ
ආල හිතක්‌ මට පහල කලා ඔබ
මං දන්නෑ අරුමේ.. මං දන්නෑ අරුමේ..

තනිවුනු මගෙ හිත ඔබ දුටු මුල් දින ඊයේ අද වාගේ
මතකයෙ විතරක්‌ ඔයා තියාගෙන ඉන්නට බෑ මේ හිතේ
පුදුම හිතක්‌ ඔබ අමතක වෙන්නෑ
පුදුම හිතක්‌ ඔබ අමතක වෙන්නෑ
මං දන්නෑ අරුමේ.. මං දන්නෑ අරුමේ..

ඔබට ආදරේ....