ඔබනේ මාගේ ජීවිතේobanee maagee jiiwithee

Obane Mage Jeewithe

සංගීතය:
ෂේන් මහේෂ් රත්නායකsheen maheesh rathnaayaka
පද රචනය:
ෂේන් මහේෂ් රත්නායකsheen maheesh rathnaayaka

ගී පද

ඔබනේ මාගේ ජීවිතේ කඳුළැල් පිස දැමූ මගේ
සතුටයි ඔබ එක් කළේ ඔබ ඇවිදින් මාග‍ෙ‍
ආසයි ඔබේ උණුහුමේ ගුලි වී ඉන්න හැම භවේ
කිසිදා මගේ ආදරේ නොවෙනස් වේවි ළඳේ
තනි වී ඉන්නම් සැමදා ඔබ නැති නම් හැම භවේ
අඳුරේ ගිලිහුණු මාගේ ජීවේ ඔබ පමණයි......

(සමාවෙන්නකෝ මගේ රත්තරනේ
ඔයාව නම් කවදාවත් මට අමතක කරන්න බෑ.....//)
ආදරේ කළේ හඬවන්න නොවේ
පාළුවේ තියා නොයමි ළඳේ
මා ලොවට කියන්නට ආසයි ඔබ මාගේ කියා
තනි වී ඉන්නම් සැමදා ඔබ නැති නම් හැම භවේ........

(හමුවන්නට දැන් අප හට බැරි නම්
මිය යනතුරු ඔබගේ මතකෙන් ජීවත් වී ඉන්නම්.....//)
ආදරේ කළේ හඬවන්න නොවේ
පාළුවේ තියා නොයමි ළඳේ
මා ලොවට කියන්නට ආසයි ඔබ මාගේ කියා.......

ඔබනේ මාගේ ජීවිතේ......