ගී පද
ඔබම ඇවිදින් මාව සොයා ආදරේ මට පවසලා
අද ඉන්නේ මා හැරදමා නැති වැරදි මට පවරලා
මගේ නෙතින් වැටෙනා කඳුළු දැක ඔබ හිනැහුණා
(මා සිතින් ඔබ හැරදමා ඉන්න තාමත් බැරි වුණා....//)
ලොවට රහසින් මාවෙත ඇවිදින්
පෙම් කළේ මට පණ ලෙසින්
සිතුවේ මා මුළු හදවතින් මගේ කරගන්නයි පෙමින්
(ආදරේ කළ හිත දමා රිදවලා මා ඔබ ගියා.....//)
දුටුව විටදී ඉවත බලමින් දෙන්නෙපා මට තව රිදුම්
පැතු හීන බිඳ දා මගේ හිතින් ඔබ ගියත් නෑ අහිතකින්
(එන්න හිතුණොත් මා සොයා දොසක් නොකියමි කිසිමදා....//)
ඔබම ඇවිදින්.....