ඔබයි මමයි මැවූ සිහිනobayi mamayi maewuu sihina

Obai Mamai Mawu Sihina

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka

ගී පද

ඔබයි  මමයි  මැවූ  සිහින 
ලොවම මැකී යයි 
දෙඅත රැගෙන එකම දිනක 
යලි හමුවනයි....

සුවද පලිඟු දියෙන් සපිරි 
පොකුණ මා තමයි 
රුවද සුවඳ එකම පරදී 
රැගත් මල ඔබයි 

ඔබයි  මමයි  මැවූ  සිහින .../

අපට නොමැත නීති රීති 
සෙනෙහස පමණි
තවත් ලොවක තවත් දිනක 
ඔබ අත ගනිමී 

ඔබයි  මමයි  මැවූ  සිහින .../