ඔබ වෙනස් වෙලාoba wenas welaa

Oba Wenas Wela

සංගීතය:
චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චිchandhresna hettiaarachchi
පද රචනය:
H.S.L ගුණතිලකh.s.l gunathilaka

ගී පද

ඔබ වෙනස් වෙලා.. ඔබ වෙනස් වෙලා
සිත දුරස් වෙලා 
ඔබ වෙනස් වෙලා.. ඔබ වෙනස් වෙලා
සිත දුරස් වෙලා.. මට නපුරු වෙලා
ඔබ වෙනස් වෙලා

(පිටස්තරයි පිට කෙනෙක් වගෙයි
කිසි දිනෙක ඉතින් හමු නොවුණු ලෙසේ...//)
මට හිතා ගන්න බෑ තාම නගේ
ආල පිරූ සිත කොහෙද නුඹේ

(කාලයක් ගෙවී ලොව වෙනස් වේවී
ගිය නමුත් මගේ සිත වෙනස් නොවී...//)
අකීකරුයි සිත මටම මගේ
හිත හදා ගන්න බෑ ඔබට වගේ 

ඔබ වෙනස් වෙලා....