ඔබ වරදෙ පැටලෙද්දිoba waradhe paetaledhdhi

Oba Warade Pataleddi

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
සමන් පුෂ්පකුමාරsaman pushpakumaara

ගී පද

ඔබ වරදෙ පැටලෙද්දි මගෙ දුක ගැන 
ඔබ විතරමයි දන්නේ මගෙ රන් කඳ 
හැරයන්න සිතුවේ ඔයා ඉස්සර 
මියැදෙන්න මොහොතක් පුරා මතකය 

වැලපෙනවා හැම මතකයන් ලඟ හද 
තාමත් ඔයා ගැනම සිහිකර මම 
අතහැරලා ඔබ යන්න ගිය විදිහට 
මට යන්න පුලුවන්ද මගෙ වස්තුව 

කාටත්ම දොස් කියල නැහැ පල නැත 
වෙනතකට හැර ගියපු ඔබ ගැන තව 
වද වෙන්නෙ පණ මෙන්ම පෙම් කල මම 
වැටහෙන්නෙ මම පොලවෙ වැළලෙන විට 

වැලපෙනවා හැම මතකයන්....

මගෙ පණට වැඩියෙන් ඔයා රන් කඳ 
මට වටිනවා කියල කිව්වේ මම 
තාමත් ඔබේ මතකයන් එක් කළ
ජීවත් වෙලා ඉන්නෙ මගෙ පණ ඔබ 
 
ඔබ වරදෙ පැටලෙද්දි මගෙ දුක ගැන 
ඔබ විතරමයි දන්නේ මගෙ රන් කඳ 
හැරයන්න සිතුවේ ඔයා ඉස්සර 
මියැදෙන්න මොහොතක් පුරා මතකය 

වැලපෙනවා හැම මතකයන්....