ගී පද
ඔබ තුරුලේ මට ඉන්න බැරි වූ නිසා
රිදවන්නේ ඇයි මෙලෙස මගේ සිත දවා
මට දුන්නු ඔබේ සෙනෙහේ මා රිදවනා
(ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා.....//)
(දුර ඈත මගේ සෙනෙහේ තනි වී එදා
ළං වේවි නෑ සිතුවේ කොහොමත් ඔයා//)
මට දුන්නු ඔබේ සෙනෙහේ යයි රිදවලා
(ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා.....//)
(මා තුරුලේ පැතු හීන අද තනිවෙලා
පෙම් ලෝකේ බොරුවක් වුණේ දෝ ඔයා//)
මට දුන්නු ඔබේ සෙනෙහේ යයි රිදවලා
(ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා.....//)
ඔබ තුරුලේ......