ගී පද
(ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විඳගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න...//)
ඔබ පුරහඳ වෙන්න
ඒ පුරා හඳේ ගුලි වී ඉන්න
(මම තරුවක් වෙමි
රාත්‍රියට අහසේ පිපෙන...//)
ඔබ සුසුම් හෙලන්න....
ඔබ කවියක් වෙන්න
ඒ කවිය මිහිරි හඬින් ගයන්න
(මම මිහිරක් වෙමි
ඒ කවියේ රස තැන් පුරන...//)
ඔබ සුසුම් හෙලන්න....//
(රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න...//)