ඔබ සිහිලැති සෙවණේ (කුවේනි)oba sihilaethi sewanee (kuweeni)

Oba Sihilathi Sewane (Kuweni)

පද රචනය:
හෙන්රි ජයසේනhenri jayaseena

ගී පද

ඔබ සිහිලැති සෙවණේ සිටියදි පෙර දවසේ
රන්වන් කෙලවර මුහුදේ සැන්දෑ හිරු බැස යන වේලේ
මුහුදේ දෙවියන් අහසේ දෙවියන්//
ගැන විසිතුරු කීවා ඔබ අප තුරුලෙ හොවා...

සඳ සේ සියුමැලි වූ ඔබ සොමිබර මුහුනේ
නිල්වන් දෙනෙතින් උතුරා
ගැලු උණුසුම් සෙනෙහස දහරා
අපමය දුටුවේ අපමය ලැබුවේ//
පින්බර මෑණියනේ ඒ මොලකැටි වයසේ...

ඈත එතෙර මුහුදින් පැමිනෙන රජ කුමරී
කී සඳ එදින පියාණන්
ඔබ සෝකෙන් ඔහු දෙනෙත් බලා
නොකියා වැළපිලි නොසලා කඳුලැලි//
දුන් බස් මෑණියනේ නිරතුරු මෙමට ඇසේ...//