ඔබ සඳත් වසා සිටියාoba sandath wasaa sitiyaa

Oba Sandath Wasa Sitiya

ගී පද

ඔබ සඳත් වසා සිටියා
මා තනිවුනු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුනා
මා සිටියදි මරු කතරේ //

මම වියමං කල පළසේ
ඔබෙ පායුග සිඹින වෙලේ //
මලපුඩුය එලා තිබුනේ
ඔබ මා යන ගමන් තලේ

ඔබ සඳත් ....

මම මල්කම් කල සයනේ
ඔබ සිටියදි මධු සිහිනේ //
අගු පිලකි ශේෂ වූයේ 
මට ඔබගේ රජ දහනේ

ඔබ සඳත් .... //