ඔබ සඳක් මැයිoba sandak maeyi

Oba Sandak Mayi

ගී පද

ඔබ සඳක් මැයි සඳ මගේ මැයි
විඳවනා කඳුළින් ලතැවෙන සුසුමින් මුදවනා
ඔබ සඳක් මැයි සඳ මගේ මැයි

වලා පීරා නැගෙනු පොව
තාරකා මැද දිලෙනු ලොව
ගිම්හාන රාත්‍රියේ
විසල් ගම් බිම් නිවනු නොව
ඔබේ ප්‍රේමියේ
නවාතැන ළඟ හිඳිනු මැන

ඔබ සඳක් .........

කළල් දිය මත රඳනු නොව
මුදලකට පෙම් බඳිනු නොව
හුදකලා රාත්‍රියේ
අරුත්සුන් සිතු නැවෙනු නොව
ඔබ ප්‍රේමියේ
නවාතැන ළඟ හිඳිනු මැන