ගී පද
ඔබ සමනළියක් වෙලා ඇවිත් මගේ අතේ වැහුවෝතින්
සුවඳ හිතට දැනේවි සතුට නෙතට පෙනේවී //
සුපෙම් නිමිති රොන් උතුරන මලක් පිපේවි
රන් මලක් පිපේවි
ඔබ සිතිවිල්ලක් වෙලා ඉතින් ඇසිල්ලකින් ගිලිහුනොතින්
පැතුම් සුසුමක් වේවි සුසුම් සුළඟක් වේවි //
ඒ සුළඟට ඔබ අහුවුනොතින්
විසිවී යාවි දුරට විසිවී යාවි
ඔබ සමනළියක් වෙලා ඇවිත් ....
ඔබ හසරැල්ලක් වෙලා හෙමින් කඳුලැල්ලට පෙරළුනොතින්
කඳුළු ගඟුලක් වේවි ගඟුල සයුරක් වේවි //
ඒ සයුරම ගොඩගැලුවෝතින් ගහගෙන යාවි
මාව ගහගෙන යාවි
ඔබ සමනළියක් වෙලා ඇවිත් ....