ඔබ රූ සිරියෙන්oba ruu siriyen

Oba Ruu Siriyen

ගී පද

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම 
නොකෙළෙමි අනුවණ කම්
මුලාවුණේ ඔබ මුලා නොවෙමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙළෙසී යනු දැක //
සටන් වැදිමි මම සටන් වැදිමි මම 
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් ....

හැඩි දැඩි අප හට හුරු වූ  වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන් //
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන්...