ඔබ පෑව හසරැල්ල මට තේරුනාoba paewa hasaraella mata theerunaa

Oba Pewa Hasasralla Mata

ගී පද

ඔබ පෑව හසරැල්ල මට තේරුනා 
ඒ රන් සිනා රැල්ලේ රස තේරුනා 
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න ‍වා 
ඔය දෑත මට දෙන්න මම ගන්නවා
සෙවණැල්ල ලෙස ඉන්න මම දන්න ‍වා 
ඔය දෑත මට දෙන්න මම ගන්නවා

හොරැහින් බලා යන්නෙ නොබලා වගේ 
මම දන්නවා සොඳුර මැණිකේ අගේ
සතුටයි දුකයි හොඳට පුරුදුයි ප් ‍රියේ
මට දෙන්න ඔබේ ආදරේ
පිළිගන්න මගේ ආදරේ

හැඟුමක් තිබේ දනිමි සඟවන්නෙපා
දිළිඳු ඔබේ දෑස හ ‍ඬවන්නෙපා
සඳ සේ සිනාසෙන්න සඳමාලියේ
පෝදාට සඳ පෑ ලෙසේ
පිහගන්න කඳුලැල් ඇසේ