ඔබ පෙම් කරනා ඔබේ කුමාරිoba pem karanaa obee kumaari

Oba Pem Karana

ගී පද

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ

සාගර වෙරලේ සොඳුරු සැදෑවක
රඟහල කෙලවර අදුරු නිමේශෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ

සක්මන් මළුවන දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොලුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ