ඔබ පමණයි මා ලඟ සිටියේ (දිගු වරලස නළල් තලේ)oba pamanayi maa langa sitiyee (dhigu waralasa nalal thalee)

Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale)

ගී පද

මේ දෑසින් ඔබ හරි ඈතයි
දුරකතනෙන් මා ඇමතූවත්
දැක ගන්නත් මට හරි ආසයි
ඔය නිලුපුල් නෙත් යුග ආයෙත්
ඔබ ගැන මා සිතනා සිතුමන්
බෑ ලියනට අකුරින් කවදත්
මේ අයුරින් දින ගෙවිලා යයි
අන් රටකට සිරවී තාමත්

තනිකම මට හුරු නෑ ප්‍රේමී
කඳුලැල් ඉඳ හිට හඬවාවී
එනුමැන පාවී මේ සුලගේ සමනලියේ
මතකේ සුවඳින් මා සැනසෙන්නම්
ආ.....අ ආ......අ ආ...අ ආ අ ආ අ ආ...

දිගු වරලස නලල් තලේ
තාලෙට දඟ කරපු රඟේ 
හිස තබමින් ඔබ උකුලේ
සැනසුනු හැටි මට මතක තියේ
මිනි කැට ලෙස සඳ එලියේ
තරුකැට දිලිසුන වතුරේ
පා දුවමින් ඇවිද ගියේ
ඔබ පමනයි මා ලඟ සිටියේ

වත්සුනු තැවරූ නෙක අඟනන්
යන එන හැම තැන මා දුටුවත්
නෙත ඇඳි හද බැඳි ඔය රුව නම්
අමතක වන්නෑ මට කොහොමත්
වත්සානය මෙන් ගිම්හානෙත්
මට සිසිලයි නෑ එහි වෙනසක්
ඔබ සියොලඟ උණුසුම ලබමින්
මතකද ගෙවුනා එක දවසක්

තනිකම මට හුරු නෑ ප්‍රේමී....

දිගු වරලස නලල් තලේ....//

දිගු වරලස නලල් තලේ
තාලෙට දග කරපු රගේ
හිස තබමින් ඔබ උකුලේ
සැනසුනු හැටි මට මතක තියේ