ගී පද
ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුනා
සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුනා
හැරදා ගියත් ඔයා මාව අමතක කරලා
සතුටින්ම ඉන්න ඔයා අපේ මතක අතහැර දා...
මතු දිනෙක ඔබේ වෙන්න පෙරුමන් පුරා මෙමා
දැකගන්න දින ගනින බව දන්නේ නෑ ඔයා
කවදාක හෝ ලැබුනොත් ඔයා
පණ වාගේ මං රැකගන්නවා...
ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුනා
සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුනා...
හිත රිදෙන බව නොදැන රිදවන්නේ ඇයි ඔයා
තව උනන කඳුළකට ඉඩදෙන්නේ ඇයි ඔයා
කවදාක හෝ ලැබුනොත් ඔයා
පණ වාගේ මං රැකගන්නවා...
ඔබ නොදැක...