ඔබ නැති මේ රෑoba naethi mee rae

Oba Nathi Me Ra

සංගීතය:
චන්දන වල්පොලchandhana walpola
පද රචනය:
අයෝද්‍ය ප්‍රනාන්දුayoodhya pranaandhu

ගී පද

ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා
සඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මසිත හඬලා
මා හීන බොඳවී ගියා
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා

ඔබ කී කතා දෙසවන් පුරා
ඇසුනා මෙදා රිදවා පැතුම් පාරවා
සිත බිඳිලා සෙනෙහෙ නැතිදා
රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැලපුනේ කුමරියේ

ඔබ නැති මේ ..............

පෙම් ගී ගයා සතුටින් එදා
උන්නා සදා හැර මා නොයන් කී නිසා
මා හැරදා නමුදු ගියදා වේදනා ම‍ට ලොවේ
ඔබ නිසයි හිමිවුණේ ජීවිතේ

ඔබ නැති මේ ..............