ඔබ මත්තෙ හිත නැහීලාoba maththe hitha naehiilaa

අවසාන තිත තියලා - Oba Maththe Hitha Nahila

ගී පද

ඔබ මත්තෙ හිත නැහීලා
දුක් වින්ද හැටි හිතීලා
පසුතැවි ඇයි ගියේ හේතු සොයනවා
දුර දැක්කෙ නෑ දැනීලා
වෙන්වී නොයයි කියාලා
අඩුවක් නෑ මා කලේ ආදරේ සදා
අවසාන තිත තියාලා ලිව් ආදරෙ කතා මා
වෙන්වීම මත ඔයා සම්බන්දකම් නවත්වා
මෙතුවක් ජිවත් වුනේ ආදරේ එපා
නුබ නම් ආයෙ මගේ මිහොතකට එපා

දුක හදුනන්නේ නැතී
ආදරෙ දන්නෙ නැතී
ඔබ මැව්වේම හීන මාලිගා තමා
වරදක් වෙච්ච නැතී 
බොරු පැටලෙව්වා ඇතී
පැහැදිලි යන්න මගක් හොයපු බව ඔයා
අවසාන තිත තියලා ලිව් ආදරෙ කතා මා
වෙන්වීම මත ඔයා සම්බන්දකම් නවත්වා
මෙතුවක් ජිවත් වුනේ ආදරේ එපා 
නුඹ නම් ආයෙ මගේ මොහොතකට එපා 

මට වැඩියෙන් හිතැතී 
කුමරෙක් එන්න ඇතී
එසැනින් දාලා ගියේ ආදරේ පවා
මග වරදින්න ඇතී මා සිහිවෙන්න ඇතී
නැවතත් එන්න උනේ මා කෙරේ සොයා
අවසාන තිත තියලා ලිව් ආදරෙ කතා මා
වෙන්වීම මත ඔයා සම්බන්දකම් නවත්වා 
මෙතුවක් ජීවත් උනේ ආදරෙ එපා
නුඹ නම් ආයෙ මගේ මොහොතකට එපා