ඔබ මට හිමි නෑoba mata himi nae

Oba Mata Himi Na

ගී පද

ඔබ මට හිමි නෑ ඔබට මෙමා හිමි නෑ
එනමුදු සමුගෙන යන්න හිතක් නෑ
කඳුළැලි සඟවා ඔබ දෙනෙතේ //

සිහිනයකින් රැදි පැතුමක් සේ ඔබ
අහිමි සෙනෙහසේ සුවඳ දැනේ //
ගතින් නොබැඳුනද දෙහදක බැඳි පෙම
සසරේ හමුවේ භවෙන් භවේ

ඔබ මට හිමි  .....

ආදරයෙන් බැදි අප සිත් හඬවන
කිසිවකු හිටියද ලොව හමුවේ //
සියුමැලි ඔබ වත හිනැහෙන සඳවත
අමතක කරනට හැකි ද ලොවේ

ඔබ මට හිමි ..........