ගී පද
ඔබ මට ආදරේ කියා මට දැනෙනවා
ඔබෙ ජීවිතේ මම කියා මම දන්නවා
ඔබ මට ආදරේ නොකියා
නොදන්නවා වගේ ඉන්නවා //
ඇසින් ඇස කතා කර කර
ලඟින් හිඳ සුවඳ වෙන කොට
නොදැක්කොත් හිත හොයනවා
දුරින් හිඳ හිත තැවෙනවා
ඔබ මට ආදරේ කියලා
ඔබ නොදන්නවා වගේ ඉන්නවා
ඔබ මට ආදරේ ....
රෑ සිහිනෙන් ඔබ පෙනෙනකොට
හෙමින් හෙමින් මා සිඹින කොට
දෙතොල් පෙති මගෙ තෙමෙනවා
තුරුල්ලේ මා නිදනවා
මම හරි ආදරෙයි කියලා
ඔබ නොදන්නවා වගේ ඉන්නවා
ඔබ මට ආදරේ ....