ඔබ මගෙන් වෙන් වෙලාoba magen wen welaa

Oba Magen Wen Wela

සංගීතය:
සදීප්ත ගුණවර්ධනsadhiiptha gunawardhhana
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

ඔබ මගෙන් වෙන් වෙලා තනිකෙරූ දා පටන් 
කාටවත් නෑ කළේ තවත් ඒ ආදරේ
හුස්ම පොද පාරලා ඈත සැඟවී ඔයා
අයිති නැති ආදරේ පෑරිලා 
ළංව නුඹ කී කතා තාම සිහිවේ මෙදා
මැව්ව සිහිනේ මගේ වෙන්වීලා.....

සංසාර කතරේ පින්තාරු සෙනෙහේ 
මාගේමමයි කී මුවගින් සදා
සරදම් කරන්නේ ඇයි මෙහෙම රහසේ
දුක නැතිද දැනුනේ මා නෑ කියා...
හුස්ම පොද පාරලා ඈත සැඟවී ඔයා
අයිති නැති ආදරේ පෑරිලා 
ළංව නුඹ කී කතා තාම සිහිවේ මෙදා
මැව්ව සිහිනේ මගේ වෙන්වීලා.....

දුර යන්න මත්තෙන් යළි එන්න සැනසී
බෑ ඉන්න තනියෙන් කඳුළැල් දරා
දුක දෙන්න මෙලෙසින් පුළුවන්ද හිතකින්
අදහන්න බෑ මේ ඔබමද කියා...

ඔබ මගෙන් වෙන් වෙලා...