ඔබ මගෙන් සමු අරන්oba magen samu aran

Oba Magen Samu Aran

ගී පද

ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙකුගේ උනත් තරහ නෑ මං 
ආදරේ තරම දැනුන නම් යන්නෙ නෑ  වෙන්වෙලා

අමතක කරන්න බැරි තරම් 
මට ඔබ සිහිවෙනවා 
ඔබෙ සෙනෙහස මට අහිමි නම් 
පාලුවේ ඉන්නවා 

ඉකිගසා හඩන ඇස් අතරින් දුක මගේ රූරලා 
ඉවසුව සරදම් විදවනු බෑ දැන් ජීවිතේ පෑරිලා 
ඔබ ඈත යන්න ගියපු ලෙසින් සමුගන්න දන්නේ නෑ මම නම් 

අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා 
ඔබෙ සෙනෙහස මට අහිමි නම් 
පාලුවේ ඉන්නවා 

විදවනා තරම දන්නවා නම් දුර රැදෙන්නෑ ඔයා 
අදහනු බෑ දැන් හැර ගිය දුර නම් ඔබ මගෙන් වෙන්වෙලා 
කවදාද එන්නේ නැවත ඔයා දැකගන්න ඉන්නේ තවම බලා 

ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙකුගේ උනත් තරහ නෑ මං 
ආදරේ තරම දැනුන නම් යන්නෙ නෑ වෙන්වෙලා 

අමතක කරන්න බැරි තරම් 
මට ඔබ සිහිවෙනවා 
ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා