ඔබ මාගේ සිහිනේ සඳ වේවාoba maagee sihinee sanda weewaa

Oba Mage Sihine Sanda Wewa

ගී පද

ඔබ මාගේ සිහිනේ සඳ වේවා
මගෙ සිහින ලෝකෙ එලි වේවා
සඳ වාගෙ ඉන්න මගෙ ලෝකෙ ඉන්න
මගෙ ප්‍රේම සිහින සුභ වේවා
ඔබෙ ලෝකෙ ඉන්න මම ආවා
ඔබ ගාව ඉන්න සිත කීවා
සඳ වාගෙ ලංව ඔබෙ ලෝකෙ ඉන්න
ඔබ් ජීවිතයට මම ආවා

මගේ ආදරේ ඔබවේ ඔබවේ
ඉන්නම් ඉන්නම් ලංවීලා
රෑ පුරා සිතින් පැතුවේ පැතුවේ 
එන්නයි එන්නයි මා සොයලා
ඔබ සොයා එමි මගේ කුමරුනි
ඔබ සොයා ඇවිත් තුරුලෙ දැවටෙමින්
හාදුවක් දෙමින් ලංවෙමි මා

ඔබ මාගේ සිහිනේ සඳ වේවා
ඔබ් ජීවිතයට මම ආවා

ප්‍රේම පහන අද දැල්වේ දැල්වේ
ජීවන සිහිනය ඉටුවීලා
සැබෑ පෙම් පැතුම් ඉටුවේ ඉටුවේ
ඇත්තයි ඇත්තයි සසර පුරා
ඔබ ලඟින් රැඳී ආදරෙන් බැඳී
උණුසුමේ වෙලී ඉන්නම් මා
මේ තරම් උතුම් ආදරේ හැඟුම්
ලොව ඇති තුරාම පවතීවා 

ඔබ මාගේ සිහිනේ .....