ඔබ මගේ මතකය වෙලාoba magee mathakaya welaa

Oba Mage Mathakaya Wela

සංගීතය:
අමිත් ගුරුamith guru
පද රචනය:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

ගී පද

ඔබ මගේ මතකය වෙලා හිත ළඟ ඉන්නවා බලා
වෙන් වෙන්නට කාරණා පහදා දෙනවද ඔයා
එක්වුණු තැනදිමයි හිමි වුණේ වේදනා 
මට උහුලගනු බැරි ඔයා වෙන් වුණු තැනම
මං මතකයේ ඉන්නවා ඔබ දිනෙක දැනගන්නවා........

වරුවක් ගියානේ ඔබ නෑනේ ආවේ මං තාම මග බලනවා
අඩුවක් කළේ නෑ කිසිදාක සෙනෙහේ නුඹ හොඳට එය දන්නවා
(කවදාක හෝ කඳුළක් රැඳි ඔය දෙනෙත නම් හඬවනු එපා
මේ හිත මගේ විඳවන හැටි කිසිදාක නම් දැනගනු එපා.......//)

හිත සතුට උදුරා කාලය ගියාවේ කඳුළකට හිමිකම තියා
මට මාවවත් නෑ ඔබ ගියපු දිනයේ මං තනිව ඉන්නම් සදා
(කවදාක හෝ කඳුළක් රැඳි ඔය දෙනෙත නම් හඬවනු එපා
මේ හිත මගේ විඳවන හැටි කිසිදාක නම් දැනගනු එපා.......//)

ඔබ මගේ මතකය........