ඔබ මගෙ හදවත (සිහිනි ටෙලි නාට්‍ය ගීතය)oba mage hadhawatha (sihini teli naatya giithaya)

Oba Mage Hadawatha (Sihini Teledrama Song)

සංගීතය:
ශාන්ත ජයලත්shaantha jayalath
පද රචනය:
මහේෂ් රත්සර මද්දුමාරච්චිmaheesh rathsara madhdhumaarachchi

ගී පද

ඔබ මගෙ හදවත රිද වූ තැන හිඳ 
හිත මගෙ ඉකිබිඳ හඬන නියා 
දැක දැක නොදුටුව විලසක යන්නට 
වැරදි ක⁣ලේ මා නොවෙයි ඔයා 
වැරදි ක⁣ලේ මා නොවෙයි ඔයා 

මලෙක මෙළෙක ගැන සිතේ ඔබේ නෑ 
ගී පොත මී විත පමණි මෙමා 
දුවක විඳින දුක ඔබට දැනේවි 
දරු සෙනෙහේ දැනෙනා මතු දා 

ගැහැණු සිතක රුව ඔබට පෙනෙන් නෑ 
රූ රැස ඇස් දෙක විඳින නිසා 
මා විඳිනා දුක ඔබත් විඳීවි 
සමනලියක ළඟ නැවතුන දා