ඔබ මා ළඟ බවoba maa langa bawa

Oba Ma Langa Bawa

සංගීතය:
රොහාන් ෆොන්සේකාrohaan fonseekaa
පද රචනය:
ප්‍රියන්ති වෙත්තසිංහpriyanthi weththasinha

ගී පද

ඔබ මා ළඟ බව පෙනෙන වෙලේ 
මා විකසිත වී කුසුමක් සේ
රන් කූඩුවක් තනන්න පැතුමක් පැතුවා
සිහිනෙන් ආ සුවඳක් සේ 
ඔබ මා ළඟයි මම ඔබ ළඟයි........

දිනෙක ඔබ ආ සැණින් අනන්නතයි
අහසේ දිදුලන හිරුද ඔබමයි
සෙනෙහෙබර රැයක තරුද මමමයි
මගේ පැතුම ඉටු කරනු කුමරුනේ
රන් කූඩුවක් තනන්න පැතුමක් පැතුවා
සිහිනෙන් ආ සුවඳක් සේ 
ඔබ මා ළඟයි මම ඔබ ළඟයි.......

සඳට මුවාවී මා ඔබට ළංවෙලා 
විඳින්නම් ඔබේ සෙනෙහසට තුරුළු වී
එය මටමයි මගේමයි හිමියනි
ඔබට මා කොඳුරයි රහසේ......

ඔබ මා ළඟ බව......