ඔබ මා ළං කළාoba maa lan kalaa

Oba Ma Lan Kala

ගී පද

ඔබ මා ළංකළා ගැයූ ගීතිකා
බැඳුනා ගී සරින් ඔබ හා මා
හද ගීතවත් වී යාවී ලොව ප්‍රීතිමත් වී යාවි
ඔබ මා  හා ලොව මා හා
ඔබ මා ළංකළා රස ගීතිකා
ඔබ මා ජීවිතයේ ජය වූවා

මහදේ වේදනා ගැයෙනා රාවේ
ඔබගේ වේදනා සනසා ආවේ
ගීතය ජීවිතයේ අර්ථය මාගේ
සඳ හාවා රැඳුණා සේ නද දී හා බැඳුණා සේ

ඔබ මා ...

වෙයි නම් මා ඔබේ රස ගී රාවේ
සතුටයි සදා මා ලබනා ජීවේ
ගීතය ජීවිතයේ පැතුමයි මගේ
කොඳ මාලා මදහාසේ සඳ පායා පිපුනාසේ

ඔබ මා ...