ඔබ මා හමුවුනදා (ඔබ ඇස් පිය නොහෙලා)oba maa hamuwunadhaa (oba aes piya nohelaa)

Oba Ma Hamuwuna Da (Oba Es Piya Nohela)

ගී පද

ඔබ මා හමුවුනදා දෑත් දරා..
පෙරභවයක බැදුනා - මෙන් බැදුනා..
සවනට රහසින් කීවා 
මට ආදරෙයි කියා..
මට ආදරෙයි කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා..
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ..
පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා..

සිත්මල් දෙතොල් ලංවී සිතැඟි පුරා..
කොඳුරා වදන් රැදෙමි සඟවා නොයා.. 
සඳ දිය පිරේ - ඇසිපිය ඇරී..
පවසන්න ලංවෙලා - මේ තරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා…