ගී පද
ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේ
(මා ගැන මතකය යළි මට දෙනු මැන...//)
(ආදරියේ මගේ......//)
ඔබ ගත මා වෙත සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ළඳේ
මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය සිතෙහි
මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය
(මිහිදන් කරමි හදේ....//)
ඔහු වෙත වූ ඔබ මා අත්හළ බව
නොකියමි කාට හෝ ළඳේ
දිවියම මගේ හැඩ කළ
ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි
දිවියම මගේ හැඩ කළ
ඔබ හට වැඩු සෙනෙහස
(කඳුළකි ජීවිතේ මගේ.......//)
ඔබ මා හමුවන........