ගී පද
ඔබ මා පෙළු සිනාවේ
සුසුමන් මිලාන වූයේ
හසරැල්ල වේදනාවේ
සුසුමන් මිලාන වූයේ //
කුමුදුයි පිපී සැලෙන්නේ
බඹරුන් රැඟුම් රඟන්නේ
සිහිලැල් පවන් හමන්නේ
හද වේදනා නිවෙන්නේ
ඔබ මා පෙළු හිනාවේ ......
සඳ තාරකා දිලෙන්නේ
ඝනදුර ඇදී මැකෙන්නේ
සිහිලැල් පවන් හමන්නේ
අපටයි රහස් කියන්නේ
ඔබ මා පෙළු ....